භාවිතයට අදාළ උපදෙස්

“දිව්‍යසර” භාවිතා කිරීමට අන්තර්ජාලය හා සම්බන්ධව සිටීම අවශ්‍යද?

ඔව්. “දිව්‍යසර” ට අදාළ සියලුම සැකසුම් කටයුතු සිදු කරන්නේ අන්තර්ජාලය තුල ස්ථාපනය කර ඇති අපගේ Cloud අවකාශය තුල බැවින් මෙම යෙදවුමට අදාළ සේවාවන් ලබා ගැනීම සඳහා ඔබ අන්තර්ජාලය හා සම්බන්ධව සිටිය යුතුය.

“දිව්‍යසර” භාවිතා කිරීම වෙනුවෙන් යම් ගාස්තුවක් අය කරනවාද?

ඔව්. දිනකට රුපියල් 8 සහ ඊට අදාළ බදු මුදල් අය කරන අතර ඔබ ලියාපදිංචි වූ දුරකථන අංකයට අදාළ ගිණුමෙන් ස්වයංක්‍රියව මෙම මුදල අය කර ගනු ලැබේ. යම් ලෙසකින් ඔබගේ ලියාපදිංචි වී ඇති දුරකථන ගිණුමේ, දෛනික ලියාපදිංචි ගාස්තුව අය කර ගැනීමට ප්‍රමාණවත් ශේෂයක් නොමැති නම් ඔබගේ ලියාපදිංචිය ස්වයංක්‍රීයවම අක්‍රිය වේ. එවිට තාවකාලිකව “දිව්‍යසර” යෙදවුමට ප්‍රවේශ වීමට ඔබට නොහැකි වන අතර අදාළ දෛනික ලියාපදිංචි ගාස්තුව අය වූ පසු ස්වයංක්‍රීයවම ලියාපදිංචිය සක්‍රීය වී නැවත “දිව්‍යසර” යෙදවුම පරිශීලනය කිරීමේ හැකියාව ඔබට හිමි වේ.

ලියාපදිංචිය අහෝසි කර ගන්නේ කෙසේද?

ඔබ කැමති ඕනෑම වේලාවක “දිව්‍යසර” සමග වූ ලියාපදිංචිය අහෝසි කර ගත හැකිය. ඒ සදහා ඔබ ලියාපදිංචි වූ දුරකතනයෙන් UNREG dvs ලෙසට සටහන් කර 77112 වෙතට SMS එකක් යවන්න. එවිට ඔබගේ ලියාපදිංචිය අහෝසි වනු ඇත.

"දිව්‍යසර" යෙදවුම මගින් ප්‍රතිධාන ලබා දෙන්නේ කුමන පදනමකින්ද?

සියලු ප්‍රතිධාන නිකුත් කරනුයේ ඔබ විසින් ලබා දෙන උත්පත්ති දත්ත පදනම් කර ගෙන බව කරුණාවෙන් සලකන්න.

“දිව්‍යසර” App එක භාවිතයට අදාළ ගැටළුවක් ඇති වුවහොත් එය විසදා ගන්නේ කෙසේද?

ඔබගේ ගැටලුව සවිස්තරාත්මකව සටහන් කොට rivilogy @gmail.com වෙත ඊ මේල් පණිවුඩයක් එවන්න. අපගේ කණ්ඩායම හැකි ඉක්මනින් ඔබට පිළිතුරු සපයනු ඇත.