පෞද්ගලික ප්‍රතිපත්තිය

ඔබගේ පෞද්ගලික තොරතුරු:

ඔබ විසින් “දිව්‍යසර” යෙදවුමට ඇතුලත් කරන ඔබගේ නම, උපන් දිනය, ආදී කිසිදු තොරතුරක් අපගේ Cloud අවකාශය තුල දිගුකාලීනව ගබඩා කර තබා නොගන්නා අතර අවශ්‍ය සැකසුම් කටයුතු සිදු කර ඊට අදාළ වන්නාවූ ප්‍රතිපලය ඔබගේ ජංගම දුරකථන තිරය මත ප්‍රදර්ශනය කල පසු උඩුගත කරනු ලැබූ ඔබගේ සියලුම පෞද්ගලික තොරතුරු අපගේ Cloud අවකාශයෙන් ක්ෂණිකව මකා දමනු ලැබේ.

ඔබ විසින් ලබා දෙන ඔබගේ නම, උපන් දිනය, ආදී පෞද්ගලික තොරතුරු ඇසුරින් සැකසුම් කටයුතු කිරීමේ ඇල්ගොරිතමය සක්‍රිය කිරීම සඳහා තෙවන පාර්ශවීය Cloud සේවා සපයන්නන්ගේ සේවාව අප විසින් යොදා ගනු ලබයි. ඇමෙරිකානු සමාගමක් වන Amazon වෙබ් සේවා ජාලය අපගේ තෙවන පාර්ශවීය Cloud සේවා සපයන්නා ලෙස ක්‍රියා කරයි.

ඔබගේ දුරකථන අංකය:

“දිව්‍යසර” යෙදවුමේ සේවාවන් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමක් අවශ්‍ය වන අතර ඒ සඳහා ඔබගේ ජංගම දුරකථන අංකය ලබා දීම අවශ්‍ය වේ. ලියාපදිංචිය සඳහා ඔබ ලබා දෙන ඔබගේ ජංගම දුරකථන අංකය, යෙදවුමේ ලියාපදිංචිය තහවුරු කිරීමේ පරමාර්ථය සඳහා යොදා ගන්නා අතර ඒවා වෙනත් බාහිර පාර්ශවයන්ට ලබා දීම කිසිදු විටෙක සිදු නොවේ.

ඊට අමතරව අවශ්‍ය වුවහොත්, නිත්‍යානුකුල ක්‍රමවේදයන් ඔස්සේ “දිව්‍යසර” යෙදවුම ප්‍රවර්ධනය කිරීමේ කටයුත්තේදී ඔබගේ දුරකථන අංකය භාවිතා කරනු ඇත.

ඔබගේ දුරකථනයේ තොරතුරු හා අන්තර්ජාල ප්‍රොටෝකෝල ලිපිනය:

ඔබ “දිව්‍යසර” යෙදවුමට ප්‍රවේශ වන ඔබගේ දුරකතනයේ විස්තර, අන්තර්ජාල ප්‍රොටෝකෝල ලිපිනය (IP Address) හා ඔබ විසින් ලබා ගන්නා සේවාවන් හා යෙදවුම තුලදී ඔබ සිදු කරන සියලුම මෙහෙයුම් කටයුතු සියල්ල අප විසින් අපගේ Cloud අවකාශයන් තුල දිගුකාලීනව ගබඩා කර තබා ගන්නා අතර එම තොරතුරු සියල්ල “දිව්‍යසර” යෙදවුමේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට, සිදු විය හැකි වංචා සහ අයථා භාවිතයන් හඳුනා ගැනීමට හා ඒවා පාලනය කිරීමට යොදා ගනු ලැබේ.

නිත්‍යානුකුල බැඳීම:

“දිව්‍යසර” යෙදවුම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හා අනෙකුත් ජාත්‍යන්තර නීති රීතීන්ට යටත්ව ක්‍රියාත්මක වන අතර නීත්‍යානුකුල අවශ්‍යතා ඉටු කිරීම සඳහා නීත්‍යානුකුල ආකාරයෙන් සිදු කරනු ලබන විමර්ශනයන්හිදී අදාළ නීත්‍යානුකුල ආයතන වෙත ඔබගේ තොරතුරු ලබා දීමට අප බැඳී සිටි.